පොළොන්නරුවේ ජාතික උද්‍යාන හතර ඇතුළුව අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල තිහක පමණ සේවයේ නිරත වනජීවී නියාමකවරු සහ ක්ෂේත්‍ර සහායකවරු පිටත රාජකාරිවලින් බැහැරව කාර්යාල තුළ පමණක් සේවයේ යෙදෙන බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්. ඉන්දික වසන්ත පීරිස් මහතා පවසා සිටී.මින්නේරියේ ජාතික උද්‍යානයේ සේවයේ නිරත වනජීවී නිලධාරීන්ට පහර දුන් සියලු දෙනා අත්අඩංගවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු මෙම වෘත්තී්‍ය ක්‍රියමාර්ගය දියත් කරන බවද ඉන්දික වසන්ත මහතා පවසයි.
“පසුගිය දිනක මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ ධීවරයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම කාර්යාලයට පැමිණි ධීවරයන් පිරිසක් සියලු නිලධාරීන්ට පහරදී අත්අඩංගුවට ගත් සැකකරු බලහත්කාරයෙන් රැගෙන යෑම සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විසින් දෙදෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ අපි සෑහිමකට පත්වන්නේ නැහැ.
200ක් 300ක් පැමිණ පහර දුන් පුද්ගලයන්ගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම විහිළුවක්. ඉතිරි සියලු දෙදෙනා අත්අඩංගුවට ගන්නා තුරු අප සංගමය වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවනවා. ඒ අනුව කිසිදු උද්‍යානයක සහ කාර්යාලයෙන් පිටත රාජකාරි නොකර සිටීමට අප සංගමය තීරණය කළා. එසේ කිරීමට ප්‍රධාන හේතුව ලෙස අපි සලකන්නේ ක්ෂේත්‍ර තුළ රාජකාරි කිරීමට සුදුසු වතාවරණයක් නොමැතිකම බවයි.
නිලධාරීන්ට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා තෙක් දැනට පොළොන්නරුවේ පමණක් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක කරන අතර, සිද්ධියට සම්බන්ධ සියලු අය අත්අඩංගුවය ගැනීම සිදු නොකළහොත් ලංකාව පුරාම මෙම වෘත්තීය කි‍්‍රයා මාර්ගය කි‍්‍රයාත්මක කරනවා’”
මේ සම්බන්ධයෙන් පොළොන්නරුව ප්‍රදේශය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්. ඩී. එම්. ජේ. වික්‍රමසිංහ මහතාගෙන් අප විමසා සිටි අතර, එහිදී මේ පිළිබඳව ඔහු පැවසූයේ පොළොන්නරුවේ කිසිදු ජාතික උද්‍යානයක් මේ දක්වා වසා නොමැති බවයි.
ඩබ්.ඒ. පියතිලක