කෝවිඩ් 19 වයිරසය ආසාදිත බවට සැකකරන අයගේ නාසයේ සහ මුඛයේ තරල ලබාගැනීමේ දී වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටලයක් වෙනුවට ආරක්ෂිත කුටියක් භාවිතයට ගැනීමට පොළොන්නරුව මහ රෝහල වෙත මින්නේරිය ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ නිලධාරින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද අධිආරක්ෂිත කුටියක් අද (30) පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරු වෙත ලබා දිම සිදු කළේය.
මෙම සාම්පල් ලබාගැනීමේ දී භාවිත කරන ආරක්ෂිත ඇදුම් කට්ටලයක් රුපියල් තුන් දහසක් වැනි මුදලක් වන අතර එය භාවිත කර හැක්කේ එක් වරක් පමණි.
නමුත් මෙම ආරක්ෂිත කුටියේ සිට ආසාදිතයන් විශාල පිරිසකගේ ජෛව සාම්පල ලබාගත හැකිය.
වෛද්‍යවරයාට ආරක්ෂිත ඇදුම් කට්ටලයක් නොමැතිව ජෛව සාම්පල් ලබාගත හැකි වීමත්, එය තැනින් තැනට ගෙනයාමට හැකිවීමත් මෙම කුටියේ ඇති විශේෂත්වයයි.
මින්නේරිය ප්‍රාදේශීය ඉංජිනේරු උදිත ප්‍රසාද් මහතාගේ සහ සුනේත් පද්මසිරි , කපිල රෝෂාන් , නිමල් කරුණාරත්න යන නිලධාරින්ගේ මුල්‍ය දායකත්වයෙන් සහ එහි කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම ආරක්ෂිත කුටිය නිර්මාණය කර හිගුරක්ගොඩ ෂෙල්ටන් විරක්කොඩි මහතා ඇතුළු කාර්යමණ්ඩලය විසිනි. මෙම කුටිය නිරිමාණය කිරිම සදහා දින 7ක් පමණ ගත වි ඇති බවත් රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැයවු බව පරිත්‍යාග කල පිරිස පවසා සිටි.
පොළොන්නරු මහ රෝහලේ අධ්‍යක්ෂක විශේඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතා , වෛද්‍ය කසුන් රණතුංග, වෛද්‍ය අසේල කුලතිලක, වෙත මින්නේරිය ප්‍රාදේශීය ඉංජිනේරු උදිත ප්‍රසාද් මහතා ඇතුළු නිලධාරින් විසින් මෙම කුටිය භාරදිම සිදු කළේය.