පොළොන්නරුව මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයින්ගේ දිනක වැටුප වැලිකන්ද මුලික රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් අද (23) දින පස්වරුවේ දි පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත නගරාධිපති විසින් පරිත්‍යාග කළේය.
පොළොන්නරුව මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මංත්රිවරුන්ගේ සහ සේවකයින්ගේ දිනක වැටුපෙන් පොළොන්නරුව වැලිකන්ද මුලික රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට දෛනිකව අවශ්‍ය ද්‍රව්‍ය ලබාගෙන එම ද්‍රව්‍ය පොළොන්නරුව මහනගර සභවේ නගරාධිපති චානක සිදත් රණසිංහ මහතා ඇතුළු මංත්‍රිවරු සහ නිලධාරින් විසින් පොළොන්නරු මහ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතා වෙත ලබාදිම සිදු කළේය.
මෙම ද්‍රව්‍ය අතර පානීය ජල බෝතල් , සබන් , බාස්කට්, සහ විෂබිජ නාශක වර්ග ඇතුලත්ව ඇති බව පොළොන්නරුව මහ නගර සභවේ නගරාධිපති චානක සිදත් රණසිංහ මහතා පැවසීය.