පොලොන්නරුව මැදිරිගිරිය සෞඛ්‍ය කොට්ඨාශයේන් හදුනාගත් කෝවිඩ් 19 ආසාදිතයින් 104 ක් හමුවීමත් සමඟ පවුල් 265ක සාමාජිකයින් 532ක් අද (18) සිය නිවෙස් වල ස්වයං නිරෝධනයට යොමු කල බව පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.
කෝවිඩ් ආසාදිත පිරිස අතර කාන්තාවන් ,පිරිමින් සිටින බවත් ,ඔවුන් හිගුරක්ගොඩ සහ වැලිකන්ද කෝවිඩ් ප්‍රතිකාර ඒකක වලට ඇතුළත් කිරිමට කටයුතු කර ඇති බවත් මරණයට පත් සංඛයාව 04ක් බව අධ්‍යක්ෂකවරයා පවසයි.
තුන්වෙනි රැල්ලට අනුව වැඩිම ආසාදිත සංඛයාවක් හමුව ඇත්තේ එම ප්‍රදේශයේ පුද්ගලික ඇගළුම් ආයතනයකින් බව සදහන් කරයි. මේ වනවිට එම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ 2358ක් සිදු කර ඇති අතර සෙසු පිරිස්වලද පීසීආර් පරීක්ෂණ කඩිනමින් මේවන විටත් සිදු කරමින් පවතින බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.