නිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 108 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන නීති කඩ කිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 54,359 ක්.
මීට අමතරව පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතට අතුලුවීමට උත්සහ කළ පුද්ගලයින් 582 ක් ඔවුන් පැමිණි වාහන 333 ක් සමග ආපසු හරවා යවා තිබෙනවා.
අධිවේගී මාර්ගයට ඇතුළුවන වාහන සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.