පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණය පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවයකට එළැඹීමට අවශ්‍යය බැවින්, සිය වර්තාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.
මෙම තත්වය පිළිබඳව සළකා බැලීම සඳහා ඊයේ (21දා) පස්වරුවේ කථානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. මෙම පක්ෂ නායක රැස්වීමේ දී සමාලෝචන කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට තවදුරටත් කාලය ගතවන්නේ නම් ගත යුතු ඉදිරිපියවර පිළිබඳ අවධානය යොමු කරන ලදී. පක්ෂ නායකයන් හමුවේ කථානායකවරයා පවසා ඇත්තේ කවර තත්ත්වයක් යටතේ වුවද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සීමා නීර්ණ සමාලෝචන කමිටු වාර්තාවව තවදුරටත් ප්‍රමාදවීමට තිබෙන ඉඩකඩ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර එහි අදහස් පක්ෂ නායකයන් වෙත දැනුම්දීමට කඩිනමින් පියවර ගනු ලබන බවයි.