පළාත් සභාවල බලය අහෝසි කිරීමට වත්මන් රජය පියවරක් ගෙන නොමැති බවත් සමහර මාධ්‍ය මෙවන් අසත්‍ය පුවත් පළ කිරීම හරහා ජනතාව නොමග යන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ප්‍රකාශ කර තිබේ.
දමිළ ජනතාව වෙනුවෙන් ගෙන ගිය අරගලය වැරදි මාර්ගයකට ගෙන යාමට ප්‍රධාන හේතුව වන්නේ සමහර මාධ්‍ය විසින් පළ කරන ලද ප්රවෘත්ති වල ප්රතිවිපාකයක් බවට තමන්ගේ 60 වෙනි ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වු මාධ්‍යවේදියකු විසින් තමා වෙත පාපොච්චාරනයක් කල බවද අමාත්‍යවරයා පැවසීය.
තවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම මාධ්‍යවේදියා සේවය කරන මාධ්‍ය ආයතනයේද මෙවැනි අසත්‍ය ප්රවෘත්ති පල කරන බවත්ය. සමහර මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් තමන්ගේ පටු අරමුණ ඉටු කරගැනීම වෙනුවෙන් ජනතාව නොමග යවන බවත් පවැසීය.