මහ මැතිවරණය පවත්වා මාස දෙකක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීම සදහා වු පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
මහියංගණය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
අතුරු සම්මත ගිණුමක් ගෙනාවේ පසුගිය රජයේ ණය ගෙවීමට වුවත් එක්සත් ජාතික පක්ෂය එයට ඉඩ නොදුන් බවත් ඉදිරි මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ගෙන ණය ගෙවා දමා දැවැන්ත සංවර්ධනයක් දියත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.