කුමන ක්‍රමයක් යටතේ වුවද පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්විය යුතු බවත් පළාත් සභා 9 යේම මැතිවරණය එකවර පැවැත්විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සිවිල් සංවිධාන නියෝජිතයින් සමග වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“පළාත් මැතිවරණයේ තිබෙන ගැටළුව, පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන දේශපාලන පක්ෂ එකඟ වෙලා එම පනත සම්මත කර ගත යුතුයි. මගේ අදහස නම් පළාත් සභා මැතිවරණ 9 ම එකට තැබිය යුතුයි. මොකද යුද්ධය නිසයි මෙය කොටස් වශයෙන් තිබ්බේ.
දැනටමත් අවුරුද්දක් පමා වෙලා තිබෙනවා සමහර පළාත් සභා. තවත් මාස කිහිපයක් තිබෙනවා ඉතිරි පළාත් සභා විසුරුවා හරින්න. මේ සියල්ලම එක ඡන්ද ක්‍රමයක් යටතේ එකට පැවැත්විය යුතුයි.
පක්ෂ එකතු වෙලා තීරණය කළ යුතුයි අලූත් ක්‍රමයට හෝ කොට්ඨාශ සහ අනුපාත ක්රමයේ සම්මිශ්රණයට අනුව ඡන්දෙ තියන්න. එහෙම නැත්නම් පරණ සමානුපාත ක්‍රමයට ඡන්ද තියන්න. ඒ දෙකෙන් එකක් කර ඉක්මනින් පළාත් සභා 9 ම මැතිවරණ පැවැත්විය යුතුයි”