සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර හා ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර පසුව එම තත්ත්වය අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලට පැතිර යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සවස දෙකෙන් පමණ පසු මෙම වැසි හෙට (08දා) ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා හෙට (08දා) දහවල් 12.11ට ජාඇල, ගණේමුල්ල, අඟුරුවල්ල, දඹගොල්ල, අම්බන්පෝරුව හා කොටගොඩ ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.