පුද්ගලික බස්රථයකට මාර්ග බලපත්රයක් ලබාදීමට පොරොන්දු වී රුපියල් පනස් දහසක මුදලක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ඌව පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ප්රදීප් රණතුංග නමැත්තා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අද (3) බදුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරු ඌව පළාත් සභාව පරිශ්ර යේ ඌව පළාත් පිහිටි මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරි කාර්යාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට භාරදුන් බවත් පොලිසිය විසින් බදුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි අල්ලස් කොමිසමේ නිලධාරින්ට බාරදෙන බවත් බදුල්ල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්රිය මහතා පැවසීය .
පාලිත ආරියවංශ