දකුණු දිග මධ්‍යම බෙංගාල මුහුදු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේදී අඩු පීඩන තත්ත්වයක් වර්ධනයවන ලකුණු පහළ වී ඇති බවත් පසුව එය දිවයන දෙසට ගමන් කිරිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නැගෙනහිර, ඌව හා උතුරු - මැද පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (05දා) සිට ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
එසේමසෙසු පළාත්වල සවස 2.00න් පමණ පසු වැසි ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
නැගෙනහිර, ඌව හා උතුරුමැද පළාත්වලත් හම්බන්තොට, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.