ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වලටත්, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත්, ඇතැම් ස්ථානවලත්ට අද (25දා) දිනයේදී මිලිමීටර් හැත්තෑ පහට වැඩි තරමක් තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේය. මෙහිදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව එම ප්‍ර‘දේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව දිවයිනට උතුරු නැගෙනහිර සහ ගිනිකොන දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍ර‘දේශවල ඇතැම් ස්ථානවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් අසූවක් (80) දක්වා ඉහළ යා හැකි බවත් එම අවස්ථාවේදී එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවිය හැකි බවද එම අංශය පෙන්වා දෙයි.
මීට අමතරව පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය ප්‍ර‘දේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් පනහ දක්වා ඉහළ යා හැකි බවත්, එවිට එම මුහුදු ප්‍ර‘දේශ රළු විය හැකි අතර, මේ නිසා මෙම සියලුම මුහුදු ප්‍ර‘දේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතවන පිරිස් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් එම අංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.