ලෝක වෙළඳපොළ තුළ රසායනික පොහොර මිළ සීග්‍රයෙන් ඉහළ ගියත් පැරණි මිළටම ගොවීන්ට පොහොර ලබාදීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
මේ වන විට යූරියා මෙට්‍රික් ටොන් එකක් ලෝක වෙළඳපොළ තුළ ඩොලර් 375කට අලෙවි වෙයි.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදි එම උපදෙස් ලබාදී ඇත.
රජය විසින් පොහොර සහනාධාරය යටතේ රුපියල් 3500ක යූරියා පොහොර මිටියක් වී ගොවීන්ට රුපියල් 500ටත් අනෙකුත් ගොවීන්ට රුපියල් 1500ටත් ලබාදෙයි.