කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකුගේ නහය කැඩෙන සේ පහරදී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ .
කටුගස්තොට පොලිස් වසමේ මාතලේ මාර්ගයේ තුන් වන සැතපුම් කණුව ආසන්නයේදී මෙම සිදුවීම සිදුව තිබේ.
එකම දිශාවට ගමන් කරමින් තිබු යතුරු පැදියක පිටුපස මාතලේ නුවර පෞද්ගලික බස් රථයක් ගැටී ඇති අතර එම ස්ථානයට පැමිණි යතුරුපැදිකරුගේ මස්සිනා යැයි කියන යැයි කියන පුද්ගලයකු බස්රථයේ රියදුරුට ප්රහාරයක් එල්ල කර ඇති අතර එම ප්රහාරයෙන් ඔහුගේ නාසය සහ කට ප්රදේශයට බරපතළ තුවාල සිදු වී තිබේ . එම තුවාල හේතුවෙන් ඔහු රෝහල් ගත කෙරුණු අතර එහිදී ඔහුට සිදු කර කර පී.සී.ආර්. පරීක්ෂණවලදී බසයේ රියදුරුවරයා කොවිඩ් වෛරස ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ .
එම රියදුරුට පහරදුන් පුද්ගලයාගේ අතේ කොවිඩ් ආසාදිතයාගේ ලේ සහ කෙල තැවරිම අනිවාර්යෙන්ම සිදු වී ඇති බැවින් ඔහු වෛරස් ආසාදිතයකු වීමේ වැඩි ඉඩකඩ ඇති බැවින් ඔහු සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කොට තිබේ .
එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ගිය කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් තිදෙනෙකුද ස්වයං නිරෝධායනය ට යොමු කොට තිබෙන අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ෂේන් සෙනෙවිරත්න