හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතාට කිසියම් පිරිසක් පහර දීමෙන් සිදු වී ඇති තුවාල හේතුවෙන් ඒ මහතා කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි කලුතර නාගොඩ රෝහල් පොලීසිය සදහන් කරයි.
මතුගම ප්‍රදේශයේ සිදුකල පානීය ජල ව්‍යාපෘතියකට අදාල ජලනල එලීමේ කටයුත්තක් නිරීක්ෂණය කිරීමට පාලිත තෙවරප්පෙරුම මහතා (22) සවස ගොස් සිටියදි එම ස්ථානයේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව ඒ මහතා ඒ අසල කාණුවකට ඇද වැටීමෙන් මෙලෙස ඒ මහතාගේ එක් පාදයකට බරපතල තුවාල සිදු වී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු සදහන් කරයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා