බිනර පොහෝදා බලපත්රයක් නොමැතිව වැඩි මිලට මත්පැන් අලෙවි කල ජාවාරම්කරුවෙකු මත්පැන් බෝතල් තොගයක් සමග අද (24දා) අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
මෙම සැකකරු හැටන් වැලිඔය වත්තේ නිවසක ඉතා සූක්ෂම ආකාරයෙන් මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙරට නිෂ්පාදනය කරන ලද රජයේ අනුමත මත්පැන් බෝතල් 16 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සැකකරු මිට ප්රථමද බලපත්රයක් නොමැතිව මත්පැන් බොතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වැරදිකරුවූ අයෙකු බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර, හැටන් මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක එම්.ජේ.එන් ජමිල් මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ප්රදීප් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
හැටන් - රංජිත් රාජපක්ෂ