බලපත්‍රයක් නොමැතිව රජයේ අරක්කු බෝතල් 19ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 10,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් (16) දා නියෝග කරන ලදී.
මෙසේ වරදකරු වූයේ, සාමිමලේ, ස්කාබ්රෝ තේ වතුයායේ පළනියාණ්ඩි විජයකාන්තන් (35) නැමති අයෙකි.
මෙම අරක්කු තොගය ත්‍රීවීල් රථයකින් සාමිමලේ නගරයේ සිට සාමිමලේ, ස්කාබ්රෝ තේ වතුයාය දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී ඉකුත් (15) දා ප.ව.06.45 ට පමණ මස්කෙළිය පොලීසිය මගින් සාමිමලේ- මස්කෙළිය ප්‍රධාන මාර්ගයේදී අත්අඩංගුවට ගනු ලැබීය.