වත්මන් ආණ්ඩුව විසින් පසුගිය වසර දෙක තුළ ලබාගත් ණය පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසර දෙක තුළ ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.1කට අසන්න බවයි.
කෙසේ වෙතත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සියඹලාන්ඩුවේදී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේ තම වසර දෙකක කාලය තුළ තමා සතපහක්වත් ණය ලබාගෙන නොමැති බවයි.
