ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරි වලකට වැටී පෙරපාසල් දරුවෙකු 12දා සවස මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස පදිංචි එස් ආකාෂ් සංජය නැමති පෙරපාසල් දරුවෙකි. දරුවා රෝහලට ඇතුල් කරන විට මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මරණයට පත් දරුවා වැලිපෑලැස්ස ප්‍රදේශයේ පෙර පාසලක පූර්ව ළමා අධ්‍යාපනය ලබන දරුවෙක් බවත් පොලීසිය පවසයි. මරණකරුගේ නිවස පිහිටි ඉඩමේ නිවසට යාබදව වැසිකිලියට අවශ්‍ය වලක් කපා එය ගලෙන් බැඳ නිමකර ඇතත් එහි බිම්මට්ටමේ
කොන්ක්‍රීට් වැස්ම සවිකර නැතිබව පොලීසිය පවසයි.
මෙය නිම කිරීමට නොහැකිව ඇත්තේ පසුගිය කාලය පුරාවට දිගින් දිගටම වර්ෂාව ලැබුන හේතුවෙන් බව මරණකරුගේ පියා පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.
මේ හේතුවෙන් එම වැසිකිලි වලේ කටමට්ටම් වතර පිරි තිබිබවද පැවසේ. ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා එකවර අතුරු දහන්
වීම හේතුවෙන් සිය අසල් වාසීන් සමග එක්ව සොයා බැලීමේදී අසල් වැසියෙකුට දරුවාගේ ශරීරය වැසිකිලි වලේ තිබියදී හමුවූ බව මව
විසින් පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.
ඒ අනුව අසල්වාසීන්ගේ සහයෝගයෙන් මෙම දරුවාව හලාවත රෝහලට ඇතුලත් කර ඇත.මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් හලාවත රෝහලේදී පැවැත්වීමට නියමිත බව පොලීසිය පවසයි.
ලලිත් නවරත්න