පස්සර ප්‍රදේශයේ පාසල් සිසුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ශරීරගතවී තිබෙන බව ඊයේ දින පී.සී.ආර් පරීක්ෂණයකින් සොයාගත් බව බදුල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා පැවසීය.
පස්සර නගරයේ ප්‍රධාන සිංහල පාසලක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට හා මුස්ලීම් පාසලක සිසුවෙකුට රෝගය වැළදී තිබේ.
රන්ටැබේ ශිෂ්‍යභට පුහුණුවක් සදහා පිටත්ව යෑමට පෙර සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකින් පසු සිංහල පාසලේ සිසුන්ට රෝගය වැළදී ඇති බව තහවුරුවී තිබෙන අතර අනෙක් සිසුවාට බඩල්කුඹුර ප්‍රදේශයෙන් රෝගය බෝවී ඇති බවට තොරතුරු සොයාගත්බව වෛද්‍යවරයා කියයි.
ශිෂ්‍යභට පුහුණුවක් සදහා සහභාගිවීමට සිටින සියලුම සිසුන්ට පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරන බව කියන වෛද්‍යවරයා කියා සිටියේ මෙම සිසුන් තිදෙනා පසුගිය කාලය තුලදි වෙනත් පාසල් සිසුන් ඇසුර කර නැති බවයි.
එම නිසා ප්‍රදේශයේ කිසිදු පාසල් සිසුවෙකු බිය නොවන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටී.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි