කොවිඩ් 19 ආසාධිතයෙක් බව ඉකුත් 23 වනදා පී.සී.ආර්. වාර්තාවකින් තහවුරු වූ පස්සර කනවරැල්ලවත්තේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයාගේ 73 වියැති මව, 41 වියැති බිරිඳ, 20 සහ 21 වියේ පසුවන පුතුන් දෙදෙනෙක් 18 වියැති දියණිය 38 වැනි වියේ පසුවන නෑනා (සහෝදරයාගේ බිරිද ) යන 6 දෙනා ද කොවිඩ් 19 ආසාදිතයන් බවට අද (25දා) හඳුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම පළමු අසාධිතයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි ඉදිකිරීම් වැඩ බිමක සේවකයක් වන අතර ඔහු පස්සර කනවරැල්ල වත්තේ තම නිවසට පැමිණ සිටියදී ලැබුණ තොරතුරක් මත පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකට අනුව ඔහු ආසාධිතයෙක් බව මුලින්ම හදුනා ගනු ලැබීය.
පාලිත ආරියවංශ