පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, පොදු ප්‍රවාහන හා පෞද්ගලික වෑන් රථ පිළිබඳව නිරෝධායන පරික්ෂා කිරීම් ඒ ආකාරයෙන්ම අද දිනයේදීත් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම එනම් සියලුම දරුවන් මුහුණු ආවරණ පැළඳ තිබේද? සහායකයින් හා රියදුරන් සෞඛ්‍ය මාර්ගෝපදේ අනුව කටයුතු කර තිබේද යන්න පිළිබඳව මෙහිදී පරීක්ෂා කරනු ලැබේ.
රියදුරන් හා කොන්දොස්තරවරුන් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකරන බවත් මේ සඳහා උපරිම සහාය සියලු පාර්ශ්වයන්ගෙන් අපේක්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.