පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් 8 දෙනෙකු සහ රියදුරා බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසිය.
අද (02) උදැසන 7.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ හපුගස්තලාව මුස්ලිම් විදුහලට ආසන්නයේය.
හපුගස්තලාව අක්කර 10 ප්‍රදේශයේ අතුරුමාර්ගයක සිට අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුලත් කිරිමත් සමග ත්‍රිරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය අභියස තිබු කාණුවක් මතට පෙරළිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය පැවසුවේ.
අනතුරෙන් හපුගස්තලාව මුස්ලිම් පාසලේ 1 වසරේ සිට 3 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් පස් දෙනෙකු සහ සිසුවියන් තිදෙනෙකු සිටින බවත්,ඔවුන් අවුරුදු 7 ත් 8 ත් වයස් කාණ්ඩවල පසුවන අය බවයි පොලීසිය පැවසුවේ.
තුවාල ලැබු සිසුවෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
අනතුරෙන් ත්‍රිරෝද රථයටද දැඩි අලාභහානි සිදු වි ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අධික වේගය, පමණට වඩා ත්‍රිරෝද රථයේ සිසු සිසුවියන් ප්‍රවාහනය කිරිම අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය පැවසුවේ.