කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ති තත්වය පාලනය කිරීමෙන් අනතුරු ව සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල ව පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් සඳහා අත් සේදීමේ පහසුකම් ස්ථාපනය කිරීම වෙනුවෙන් සහාය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ PERSISTENT ආයතනය ද එක්ව සිටී.
ඒ අනුව දිවයින පුරා හඳුනාගත් පාසල් සඳහා අත් සෝදන බේසම් පද්ධති 200ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති අතර, එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් පසුගිය දා මාළඹේ රාහුල බාලිකා විද්‍යාලයට අත් සෝදන බේසම් පද්ධති 5 ක් ලබාදීමට පියවර ගන්නා ලදී.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන, සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යාපන අධ්‍යක්ෂිකා රේණුකා පීරිස්, PERSISTENT ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති අරුණ දිසානායක, මාළඹේ රාහුල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.