විපක්ෂයේ මොන චෝදනා නැගවත් පාසල් දරුවන් වාහකයක් කර ගැනිමට ඉඩ නොදෙන බව අධ්‍යාපන කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මාතර දි ඊයේ (19) පැවති සාකච්ජාවකදි අමාත්‍යවරයා මේ බව පැවසිය .
එහිදි අදහස් පලකල ඒ මහතා ,
‘‘ 20 වෙනිදා පාසල් විවෘත කරන බවට බොරු ප්‍රචාරයක් යනවා . ලෝකයේ අනෙක් රටවල් ඒ ගැන හිතන්නත් කලින් රජය පාසල් වසා දරුවන් ආරක්ෂා කරගන්න කටයුතු කරා . අපි පාසල් විවෘත කරන දිනය දැනට ප්‍රකාශයට පත්කර තිබෙනවා . ඒ මැයි මාසේ 11 වෙනිදා . එත් ඒ විවෘත කිරිම කරනවද නැද්ද කියලා තිරණය කරන්නේ සෞඛ්‍ය අංශයි .
එසේනම් පාසල් විවෘත කරන දිනය තිරණය කරන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුවයි. එසේ නොමැතිව අපි අන්තනෝමතික තින්දු වලට යන්නෙ නැහැ කිසසෙත් . අපි දරුවන්ට කරදරයක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ . ලෝකයේ කිසිදු රටක් නැතිවිදියට ජනතාවට සහන සලසන්න රජය කි‍්‍රයා කලා . ඒ ශක්තිමත් භාණ්ඩාගාරයක් තියාගෙන නෙමෙයි . ආර්ථිකයේ ප්‍රශ්න අපහසුතා තිබුනත් මේ බැරැරුම් මොහොතේ ජනතාව ඉන්න අමාරුව රජය තේරුම් අරගෙනයි වැඩ කරන්නේ . රජයේ සේවකයන් නොවෙන අනෙක් සියලූ දෙනාට රජය උදවු කරා.
මේ ව්‍යසනයේ පළාත් පාලන ආයතන විශාල කාර්යභාරයක් සිදුකරා . සුලූ සිද්ධින් අල්ලගෙන ප්රවෘත්ති ගහන මාධ්‍ය ආයතන මිට වඩා කල්පනාකාරිව ප්රවෘත්ති සැකසිම කරන්න ඔ්න . අපි දිස්ති්රකයක් වශයෙන් සහ රටක් වශයෙන් මේ රෝග වෛරසයට එරෙහිව එය පාලනය කිරිම සදහා කි‍්‍රයා කරමින් ඉන්නවා . ඒ ගැන ලෝකයම අවධානය යොමු වෙලා තියෙනවා . එවන් තත්ත්වයක් තිබියදි සුලූ සිද්ධියක් අල්ලගෙන මේ වැඩපිළිවෙල කඩාවැටෙන ආකාරයේ වැඩ කරන්න එපා’’ යැයි අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසිය .