තුන්වන පාසල් වාරය (23) දින ආරම්භ කිරිමට ප්‍රථම වතුකරයේ පාසල් විෂබිජහරණය කිරිමේ කටයුතු සෞඛ්‍ය අංශ විසින් (22) දින සිදු කරනු ලැබුහ.
හැටන් දික්ඔය නගර සභා සිමාවට අයත් වතුකරයේ පාසල් හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් (22) දින විෂබිජහරණය සිදු කල අතර, එම පාසල් වල විදුහල්පතිවරුන්ට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙනු ලැබුවේ පාසලට පැමිණෙන ළමුන් මුලික සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පාසලට ඇතුලත් කර ගන්නා ලෙසයි.
වතුකරයේ ඇතැම් ප්‍රධාන පාසල් වල සිසු සිසුවියන්ගේ ළගම සමිපතයින් කිහිප දෙනෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වි නිරෝධායන මධ්‍යස්ථාන කරා සෞඛ්‍ය අංශ විසින් යොමු කර ඇත.
හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ 6,7 ශ්‍රේණිවල තුන්වන පාසල් වාරය (23) දින ආරම්භ නොකරන බවත් ,(25) දිනයෙන් පසුව 6,7 ශ්‍රේණි වල පන්ති ආරම්භ කර එදිනට ආරම්භ කර ඇති පන්ති කිහිපයක් නතර කිරිමට පියවර ගෙන ඇති බව හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ විදුහල්පති වසන්ත කවිරාජ මහතා පැවසිය.
සෞඛ්‍ය උපදෙස් මත පාසල තුල මිටරයක පරතරය තබා ගනිමින් තුන්වන වාරයේ පැවැත්විය යුතු බවත් , මිටරයක පරතරය තබා ගැනිම සදහා 6 සිට 13 පන්ති සදහා මාරුවෙන් මාරුවට පන්ති පැවැත්විමට දැනට තිරණය කර ඇති බව විදුහල්පතිවරයා පැවසිය.