සමස්ත ශ්‍රී ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන අතර, ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
පාසල් සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාවලියෙහි සකී‍්‍රය කොටස්කරුවන් බවට පත් කරන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා කි‍්‍රයාවට නංවා තිබෙන අතර එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) පෙ.ව 9.00ට මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ දී පැවැත්වේ.
ඒ හා සමගාමීව උතුරේ පාසල්වල සිසු දරුවන් එක් ලක්ෂ පනස්දහසක් උදෑසන ශිෂ්‍ය රැස්විමේදි මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ප්‍රතිඥාව ලබාදීමට නියමිතය.
මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය තුළ ජනවාරි 21 වැනිදා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමර තුළ දරුවන් දැනුවත් කිරීමේ කි‍්‍රයාකාරකම් ද, ජනවාරි 22 වැනිදා මවුපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදු කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද, ජනවාර 23 වැනිදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද සිදු කරනු ලබයි.