කොවිඩ් 19 වසංගතයට මුහුණදීම සඳහා රජය ගන්නා ක්‍රියාමර්ග කුමක්දැයි රටට වහා හෙළි කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාසල් දරුවන්ට නිවාඩු ලබාදීමට ගත් පියවර යහපත් පියවරක් බවද ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලොව ඇතැම් දියුණු රටවල් පවා මෙම වෛරසයට මුහුණදීම සඳහා තම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශයට පත්කර ඇති බවත් එම වෛරසයට මුහුණදීම සඳහා මෙරට රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
ඇමෙරිකාව, යුරෝපය හා ආසියානු රටවල් ඊට මුහුණදීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් ප්‍රකාශයට පත්කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.