පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.
ඒ අනුව මේ වනවිට පාසල් වෙත සිසුන්ගේ පැමිණීම ඉහළ යමින් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ යම් කණ්ඩායම් පාසල් කටයුතු අඩාල වන අන්දමින් ප්‍රකාශ සිදුකරමින් සිටින බවට පැමිණිලි රැසක් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙතට ලැබී ඇති බවත් ඇතැම් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට හා දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් කරන බවට ද තොරතුරු ලැබී ඇති බවයි.
විවිධ දේශපාලන පටු අරමුණු සහ අවස්ථාවාදී මතවාද සහ පුද්ගලික කරුණු මත පදනම්ව කටයුතු කරන එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එමෙන්ම එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.