පාසල් ඉක්මනින් විවෘත කිරිමට නම් පාසල් තුළ අවශ්‍ය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් පවසයි.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පාසල් ගුරුවරුන්ට එන්නත ලබාදිම කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට ඇති බවයි.
මේ වන විටත් බස්නාහිර පලාතේ ගුරුවරුන්ට එම අවස්ථාව ලබාදි ඇති අතර අනෙක් පළාත්වල ගුරුවරුන්ටත් එන්නත ලබා දිමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.