මන්නාරම තාරාපුරම් ප්රදේශයේදී යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් පතුරම් සමඟ කිනිසි තොගයක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම 54 සේනාංකය විසින් තාරතාපුරම් ප්රදේශයේදී ඊයේ (08) දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී එක් මුස්ලිම් සැකකරුවෙකු නුජුමුදීන් මොහොමඩ් නැමත්තා සමීපයේ කිනිසි 06ක් සහ පිස්තෝලයක් සමඟ පිස්තෝල සඳහා භාවිතා කරන පතුරම් 386ක් තිබී ඇති අතර අනෙක් සැකකරු වූ මොහොමඩ් නජීර් මොහොමඩ් නැමති සැකකරු ළඟ සිම් කාඩ් 286ක් තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට යුද හමුදාව විසින් මන්නාරම් පොලීසියට භාර දී ඇති අතර මන්නාරම් පොලීසිය විසින් අදාළ සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.