ස්වාභාවික ආපදා හේතුවෙන් අවදානමට ,ලක්විය හැකි ප්‍රදේශවල ජීවත්වන ජනතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර එම ජනතාවට අවදානමක් නොමැතිව ජීවත්විය හැකි ක්‍රමවේදයක් ජනතා සහයෝගය ද ඇතිව හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (25) බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රදේශයේ පැවති හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ,
“අගෝස්තු 05 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය අපිට ඉතාමත් වැදගත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න එතුමාගේ පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යයි. එවිට තමයි රටේ අනාගතය වෙනුවෙන් වැඩ කළ හැකි වන්නේ. පක්ෂ දෙකකින් ආණ්ඩු බිහිවුණොත් මතවාදී ගැටුම් ඇතිවෙනවා මිස රටට වැඩක් වෙන්නේ නැහැ. ඒ බව අපි පසුගිය වසර හතරහමාර තුළ දුටුවා.
2005 වසරේදි අපි බලයට පත්වෙලා වසර තිහක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කරලා රට සංවර්ධනය කළා. එදා අපිට කාපට් පාරක් දකින්න පුළුවන් වුණේ කොළඹ නගරයට පැමිණෙන විට විතරයි. නමුත් අපි බලයේ සිටි වසර දහය තුළ මේ රටේ හැම පළාතකම කොන්ක්‍රීට් පාරවල්,කාපට් පාරවල් හැදුවා. ගමක ගමනාගමන පහසුකම් තියෙනවා නම් , විදුලිය , පානීය ජල පහසුකම් තිබෙනවා නම් ඒ පළාත් ඉතා ඉක්මනින් දියුණුව කරා ගෙන යා හැකියි.
2005 සිට 2014 දක්වා අපි සිදු කරගෙන ආව සංවර්ධන වැඩපිළිවෙළ යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ නවතා දැමුවා. ඒ වසර පහ තුළ නවතා දැමූ සංවර්ධන කටයුතු වගේම අපේ ආණ්ඩුවක් යටතේ සිදු කිරීමට නියමිත නව සංවර්ධන කටයුතු අපි බලයට පත් වී සිටින මේ වසර පහ තුළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම අපිට පැවරිලා තිබෙනවා. අපි ඒවා සියල්ල මේ රටේ ජනතාව වෙනුවෙන් , අනාගතය බාරගන්න ඉන්න දරුවන් වෙනුවෙන් ඉටු කරනවා.
එජාප ආණ්ඩුව බලයට පැමිණි හැම වෙලාවකම සිදු කළේ රටේ සම්පත් විකුණා දමපු එක විතරයි. අපේ ආණ්ඩුවක් ආවොත් විතරයි මේ රටේ සම්පත් ටික රැකගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා රට වෙනුවෙන් වැඩ කරන්න පොහොට්ටුවත් එක්ක අත්වැල් බැඳගන්න මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා.”
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන ජානක තිස්සකුට්ටිආරච්චි සහ උදිත් ලොකුබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.