පාස්කු ප්‍රහාරයට පෙර සිටම එම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂිම් සම්බන්ධයෙන් ඉකුත් වසරේ ජනවාරි මාසයේදීම ජාතික ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබු බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන පවසයි.
ඒ, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.
එහිදී ඔහු පවසා ඇත්තේ මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලූව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සහරාන් හෂිම්ගේ ත්‍රස්තවාදි ක්‍රියාකාරකමක් බවට පාස්කු ප්‍රහාරයට පෙර තමන් දැනුවත් කළ බවයි.
හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයාගෙන් සාක්ෂි විමසීම ඊයේ ආරම්භ වූ නමුත් මාධ්‍යට එහිදී විවෘතවූයේ ඉන් කොටසක් පමණයි. එම අවස්ථාවේ සාක්ෂි ලබාදෙමින් ඔහු පැවසුවේ සහරාන් හෂිම් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගටම බුද්ධි තොරතුරු වාර්තා කර තිබූ බවයි.
එසේ තිබියදීත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් ක්‍රියාත්මක නොවු බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන පවසා තිබෙනවා.
මෙහිදි ජනාධිපති කොමිසම ප්‍රශ්න කර ඇත්තේ අපේ‍්‍රල් 04 දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරක් විදෙස් බුද්ධි අංශයකින් මෙරටට ලබාදෙන විටත් සහරාන් හෂීම් ත්‍රස්තවාදියෙකු බවට ඔබ දැන සිටියේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයා පවසා ඇත්තේ සහරාන් හෂිම්, අයිඑස් මතවාදය වෙනුවෙන් පෙනීසිටින ත්‍රස්තවාදියෙක් බව තමන් පැහැදිලිව දැන සිටි බවයි.