ලෝකයේ බොහෝ රටවල බෝම්බ පිපිරීම් සිදු ඇති අතර ඒ කිසිඳු රටක බෝම්බ පිපිරීමේ වගකීම ජනාධිපතිවරයා භාරගතයුතු බව ප්‍රකාශ වී නොමැති බවත් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ වගකීම ආරක්ෂක අංශ භාරගත යුතු බවත් හිටපු ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (05දා) සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේය .
රට තුළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බවට කිසිම බුද්ධි වාර්තාවක තොරතුරු සඳහන් නොවූ බවත් ආගමික අන්තවාදී ක්‍රියාවන් සිදුවන බවට බුද්ධි අංශ වාර්තා කළ බවත් සිරිසේන මහතා කීවේය.
සහරාන් හෂීම් නැමැත්තා අත්අඩංගුවට ගන්නා ලෙස තමා ආරක්ෂක මණ්ඩලයට දැනුම්දු න්නේ 2019 වසරේ ජනවාරි මාසයේදී පමණ බවද ඔහු පැවැසීය.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සිදුවීමට පෙර කිසිදු බුද්ධි අංශයක් හෝ වෙනයම් ආයතනයක් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව තමන්ව දැනුවත් කර නොතිබූ බවද හෙතෙම සඳහන් කළේය.
2019 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස වල පැවැත්වූ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට අදාළව සිය දින පොතේ සටහන් කර ඇති කරුණු අවශ්‍ය නම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ හැකි බවත් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සතියකට වරක් තමාව හමුවී යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කළ බවද හෙතෙම සඳහන් කලේය .
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා භාරගතයුතු බව ද සිරිසේන මහතා සාක්ෂි ලබාදීමින් සදහන් කලේය .
"පාතාලය ත්‍රස්තවාදය අපරාධකරුවන් සම්බන්ධයෙන් නියෝග දීම ගැන මම යමක් කිව යුතුයි. ගමක පාතාල නායකයෙක් ඉන්නවනම් ඔහුව අල්ලන්න ජනාධිපතිවරයා නියෝග දෙන්න අවශ්‍ය නැහැ. ත්‍රස්තවාදී ක්‍රියාකාරී පිරිසක් ඉන්නවනම් , රටේ නීතියට ඔවුන් බාධාවක් නම් ඔවුන්ව අත්අඩංගුවට ගන්න ජනාධිපති නියෝග අවශ්‍ය නැහැ.
එය පොලීසිය කළ යුතුයි . පොලිසියට ඒක කරන්න බැරිනම් හමුදාව ඉල්ලන්න ඕන. එතකොට හමුදාව දෙනවා. එහෙම නැතිව කසිප්පු අල්ලන්ත් ජනාධිපති කියන්න ඕනෙද ."
මුස්ලිම් අන්ත්වාදීය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරමින් පළදින නිකාබය තහනම් කිරිමට ආරක්ෂක මණ්ඩලය තුළ සකාච්චා කළ බවත් එසේ වුවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එයට විරුද්ධ වීම හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද සිරිසේන මහතා කීවේය.
පැය 7කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් පසුව හිටපු ජනපතිවරයා කොමිෂමෙන් පිටත්ව ගිය අතර යළිත් ඔහු එළැඹෙන 12 දා සාක්ෂි ලබාදීමට නියමිතය.