පසුගිය වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය පහසුවෙන්ම වළක්වාගැනීමට අවස්ථාව තිබුණ බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඔහු පවසන්නේ ප්රහාරය සිදුවන දිනය, ස්ථාන, ත්රස්තවාදින්ගේ නම් පවා මිත්ර රටකින් පසුගිය රජයට ලබාදී තිබුණ බවයි.
මේ අතර පාස්කු ඉරිදා දින සිදුවූ ත්රස්තවාදී ප්රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පහන් දැල්වීය.
මීට වසරකට ඉහතදී ත්රස්තවාදී ප්රහාරයෙන් මියගිය අය සිහිකර මෙලෙස අද පෙරවරු 8.45 ට හිටපු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පහන් දැල්වූහ.
ප්රදේශයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් සෙත් පිරිත් දේශනා කළ අතර ඉන් අනතුරුව මන්ත්රීවරයා ඇතුළු පිරිස පැන්වැඩීය.
අනීෂා මානගේ