පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට ඉදිරි සති දෙක තුන ඇතුලත දඩුවම් පමුණවිමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම (05) දින නාවලපිටිය නගරයේ උත්සව ශාලාවක පැවති අවස්තාවකදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ.
අපි ඔබ එකතු වෙලා අතිගරු ජනාධිපතිතුමාව පත් කරා, ඊට පස්සේ එතුමාගේ ඉල්ලිම පරිදි එතුමාට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා දුන්නා. රටේ ජනතාව ඉල්ලුමට වඩා සැපයුමක් ආණ්ඩුවට ලබා දුන්නා. ආසන 150 කියන්නේ පොඩි දෙයක් නෙවෙයි.
විශාල තරුණ තරුණියන් පිරිසක් අපේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කලා. පසුගිය අවුරුදු පහ තුල තරුණ තරුණියන්ට කිසිදු රැකියාවක් ලබා දෙන්න එක්සත් ජාතික පක්ෂයට නොහැකි වුණා. ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් සමග රටේ ජනතාව විශාල බලාපොරෙත්තු තියා ගත්තා.
නමුත් එතුමා පත් වෙලා මාස තුනයි රට පාලනය කරන්න පුළුවන් වුණේ කොවිඩ් වසංගතය ආවා.
ඒ නිසා ආණ්ඩුවට සිදු වුණා සියල්ලටම වඩා රටේ ජනතාවට ප්‍රමුඛස්ථානය දෙන්න.
මහ මැතිවරණය පැවැත්වෙන කාලයේ ජනාධිපතිතුමා කොවිඩ් තුරන් කරන්න සිදු කරන කටයුතු සම්බන්ධයෙන් රටේ ජනතාව තුල ප්‍රසාදයක් තිබුණා.
ලෝකයේ අනෙක් රටවල් උදාහරණයට අපිව ගත්තා.
අනෙකුත් රටවල් වල රෝගින් 100 ගත්තොත් 2.5 මිය යනවා, අපේ රටේ 0.5 මිය යන සංඛ්‍යාව.
ඒ නිසා කොවිඩ් පාලනය කරන රටවල් අතරින් අපි 10 වෙනියට ඉන්නවා.
අප්‍රේල් වෙනකොට කොවිඩ් එන්නත් ගෙනල්ලා හැමොටම ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරනවා.
ඊට පස්සේ අපි ආපසු සංචාරක කර්මාන්තය සිදු කරගෙන යන්න පුළුවන්.
මේ නිසා අපිට වෙනදා වැඩ කරපු විදිහට වැඩ කරන්න බැරිවුණා. අපිට බලයට ගෙන්න වැඩ කරපු තරුණයන් අතර පොඩි කනස්සල්ලක් තියෙනවා අපි ආණ්ඩුව හැදුවා තවම රැකියා නැ කියලා.