පාස්කු ප්‍රහාරය සිදුකරන ලද අය පිළිබදවත් ප්‍රහාරයකයන්ට මුදල් ලැබුණ ආකාරයත් කුරුණෑගල දිසත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කළ බව කියන ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙක් ඔහුගේ ප්‍රකාශය ද්වේශ සහගත බවත් නිරවද්‍ය නොවන බවත් එහි සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙම විමර්ශනයට අදාළව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට දැනුම් දී තිබුණත් අද දිනයේදී ඒ සඳහා ඔහු නොපැමිණි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
කෙසේ වෙතත් ඒ මහතාට හෙට දිනයේදී යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ඔහුගේ ප්‍රකාශය සාවද්‍ය බවත් ඒ පිළිබඳව විමර්ශනයක ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින්ද අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.