පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද භාර දුනි.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇත්තේ කොමිසමේ සාමාජිකයින් විසින්.
2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරනු ලැබිය.
එම කොමිසම වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමර්ශන කළ අතර එහි කටයුතු අවසන් කෙරුණේ ඉකුත් 27 වනදායි.