පාස්කු ඉරිදා ප්රහාරයෙන් මේ වනවිට ළමයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
එමෙන්ම, මෙම ප්රහාරවලින් ළමයින්ට සිදුවූ බලපෑම තවමත් වාර්තා වෙමින් පවතින අතර, ශ්රී ලාංකේය හා විදේශීය දරුවන් මෙසේ මියගිය දරුවන් අතර සිටින බව පවසන එම සංවිධානය, තවත් දරුවන් හදිසි ප්රතිකාර ඒකක තුළ ජීවිත බේරාගැනීමට සටන් වදිමින් සිටින බවත් කියයි.