ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් බරපතල තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකානු නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය බදාදා දිනයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකානු වාණිජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර වැඩසටහන් විශේෂඥවරියක් වන චෙල්සියා ඩෙකැමිනාඩා නම් නිලධාරිනිය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේදී තුවාල ලබා තිබේ. මේ පිළිබඳව සිය ටිවිටර් ගිණුමෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලියානා ටෙප්ලෙටිස් මහත්මිය සඳහන් කළේ ත්රස්තවායදට එරෙහි සටන වෙනුවෙන් ඇමෙරිකාව ශ්‍රී ලංකාව හා අනෙකුත් ජාතීන් සමග කටයුතු කරන බවයි.