පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන් කිහිප දෙනෙකු ජීවග්රහයෙන් අල්ලා ගැනීමට හැකිවූ බවත් එයට සම්බන්ධ සැකකරුවන් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එසේම ඔවුන් රැඳී සිටි වාසස්ථාන, භාවිත කළ රහස් නිවාසද සොයා ගැනීමට හැකිවූ බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ ප්‍රහාර ගැන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පූර්ණ අධ්‍යනයක් සිදුකරන බවත් ඉන් අනතුරුව එයට සම්බන්ධ පුද්ගලයන්, සංවිධාන හෝ ආයතන පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යාංශ සඳහන් කරයි.