පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධව සැකකරුවන් 89ක් මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
එම සැකකරුවන් අතරින් 69ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදීත් තවත් 20ක් ත්‍රස්ත විමර්ශන ඒකකයේත් රඳවාගෙන ප්‍රශ්න කරන බවද අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේය.