පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ලැබී තිබියදී පල්ලි තුළට පැමිණි ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු නොකිරිම හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් කතෝලික පියතුමන්ලා තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු 13ක් වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබේ.