ශ්‍රී ලංකාවට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් ඉන්දියාවේ කාශ්මීරයට පැමිණි ඇති බවට කිසිම වාර්තාවක් නොමැති බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා බී.බී.සී. සේවය සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධවූවන් ඉන්දියාවේ කේරළ, කාශ්මීරය හා බැංගලෝරය වෙත ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වා ඇති ඉන්දීය මධ්‍යම ආරක්ෂක ඒජන්සියේ නිලධාරියෙකු පවසා ඇත්තේ එම ප්‍රහාරයකින් කාශ්මීරයට පැමිණ ඇති බවට තහවුරු කළ වාර්තා නොමැති බවයි.
එසේම එම වාර්තා යළිත් වරක් පරීක්ෂා කරන බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් ව්‍යාජ නම් භාවිත කරමින් ඔවුන්ට ඉන්දියාවේ ඇතැම් ප්‍ර දේශවලට පැමිණිය හැකි බවත් ඒවා තහවුරු කර ගැනීමට නම් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් සාක්ෂිද යොමුකළ යුතු බවයි.