මේ වන විට දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 500 -600 ත් අතර සංඛ්‍යාවක් කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය.
මහනුවර දි මාධ්‍ය වෙත ඊයේ (07) අදහස් දක්වමින් ඒ මහත්මිය මෙම අදහස් පැවසුවාය.
මේ වන විට දිවයින පුරාම ඩෙල්ටා ප්‍රභේදය පතිරයාමත් සමග දෙනිකව වෛරසය ආසාදනය වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළට යන බවත් පසුගිය 06 දින පමණක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 12-15 ක් පමණ ආසාදනය වී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඉදිරි දිනවලදී වී මේ තත්ත්වය තව තවත් උග්‍ර විය හැකියි. එය සෞඛ්‍ය ආයතන පවත්වාගෙන යාමට බෙහෙවින් බලපා හැකි බවත්, ඒ නිසා නිසි වැඩපිලිවෙලක් සකස් විය යුතු බවත් සඳහන් ඇය අවධාරණය කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් රජයේ පවුල් සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය.
සෞඛ්‍ය සේවකයින්ට සුවිශේෂ වැඩිපිලිවෙලක්, ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රමවේදයක්, ඒ සඳහා සකස් කළ ස්ථාන නොමැති බවත් එය කණගාටුවට කරුණක් බව ඇය කීවාය. මීගමුව මහ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 4 රෝගී වී ඇති බවත් එක් නිලධාරීනියක් බිම මෙට්ටයක් මත සිට ගෙන ප්‍රතිකාර ලබන බව ද ඇය කීවාය.
සෞඛ්‍ය සේවකයා රැකිමට, පහසුකම් සැලසීමට බලධාරින් නිසි ක්‍රමවේදයක් සකස් කර නැහැ. සෞඛ්‍ය සේවයේ නිරත පවුල්වල අයට එන්තකරණය කිරීමට නිසි වැඩපිලිවෙලක් නැහැ. පහසුකම් නොමැති නිසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ ලඟම ඥාතීන් ආසාදනය වී මිය යනවා. ඒ මානසික පීඩනයෙන් වර්තමානයේ රැකියාව සිදුකිරීමට සිදු වී තිබෙනවා.