දිළිදුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ තවත් පවුල් ලක්ෂ එක හමාරකට අලුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07දා) පස්වරුවේ පොළාන්නරුව රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් 3800 කට අලුතින් සමෘද්ධි සහනාධාරය හිමිවන අතර සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අන්දමින් 21 දෙනෙකු වෙත හිමිකම් පත් ප්රදානය කිරීම ජනාධිපති අතින් සිදු විය.