ඉදිරියේදී රටේ පවතින මෙම තත්ත්වය උග්‍ර වුවහොත් නිවසේ සිටම කාර්යාලයේ කටයුතු සිදුකිරීමට අදාළ ක්‍රමවේදයන් නිර්මාණ කරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අද ( 17) පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ප්‍රථම වරට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අතරින් ෆොන්රිගින් ටෝන් එකක් ලෙස වසංගතයෙන් මිදිය හැකි ක්‍රම ප්රචාරයට යොදවා තිබෙන බවත් ඒ සඳහා දුරකතන ජාලා මධ්‍යස්ථානවලට ස්තූතිය පුද කර යුතු බවත්ය.
අපට මේ මොහොතේ මැතිවරණය ගැටලූවක් නොවන බවත් ජනතාවගේ ආරක්ෂාව ගැන පමණක් වැදගත් බව පැවසු අබේවර්ධන මහතා මේ වනවිට කාර්යසාධන බලකාය සමඟ ජනාධිපති සාකච්ජාවෙන් පසු එන ප්‍රතිඵලය ඔස්සේ ඉදිරියේදී කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.