යම් අයෙකුට දින වරෙන්තුවක් හෝ විවෘත වරෙන්තුවක් තිබෙනවා නම් වහාම පොලීසිය පැමිණ භාරවන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
එසේ නොවුනහොත් සිදුවන්නේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කිරිම බවයි පොලීසිය අවධාරණය කරන්නේ.
පොලීසිය පෙරේදා රාත්රියේදී දිවයින පුරා විශේෂ මෙහෙයුමක් දියත් කළේය.
ඒ පොලිස් නිලධාරීන් දාහතර දහස් නවසිය විසිහත් දෙනෙකුගේ සහභාගීත්වයෙනි. රජයේ නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන්ද පොලිස් සුනඛයන් පහළොවක්ද ඊට එක්ව තිබුණි. මෙම මෙහෙයුමේදී පුද්ගලයින් තුන්දහස් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
අපරාධ සදහා සැකපිට හාරසිය තිස්එක් දෙනෙකුද ඒ අතර වුණා. වරෙන්තුකරුවන් හයසිය හතළිස් පස් දෙනෙකු මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයන් අනූ අට දෙනෙකුද අත්අඩංගුවට ගත් අය අතර වනවා.