පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා දැනට පොලිස් සේවය හා පොලිස් විශේෂ කාර්ය බළකාය අතහැර ගොස් සිටින පිරිස් නැවත බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කළ පන්දහස් නවසිය අසූහතක් සේවය අතහැර ගොස් සිටින බවට ගණන් බලා ඇත.
මෙම පිරිසෙන් වයස අවුරුදු 50ට අඩු හා උතුරු නැගෙනහිර ප්ර‘දේශවල වසරකට වැඩි කාලයක් සේවය කළ පිරිස් සඳහා ප්රමුඛතාව ලබාදීමට නියමිතව තිබේ.
සමස්ත පොලිස් සේවය තුළ පොලිස් නිලධාරීන් අසූපන්දහස් හයසිය තුනක් සිටිය යුතු වුවත්, මේ වනවිට පොලිස් සේවය තුළ පොලිස් සේවය තුළ යම් පුරප්පාඩු ප්රමාණයක් ඇති වී ඇත.
අලුතින් පිරිස් සේවයට බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පුහුණුව ලබාදීම සඳහා යම් මුදලක් හා යම් කාලයක් ගතවන බැවින් විවිධ හේතූන් මත සේවය හැරගොස් සිටින පිරිස්වලට අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබේ.
මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබෙන අතර, කෙටිකාලයක් තුළ පළපුරුදු නිලධාරීන් සේවයට එක්කර ගැනීමටත් සැලසුම් කර ඇත.